ජඩ කෙහෙළියට එරෙහි විරෝධතාවය

ප්‍රතිදේහ එන්නත් වංචාවට සහ පිළිකා එන්නත් වංචාවට සම්බන්ධ කෙහෙලිය ඇතුලු මහ මොළකරුවන් වහාම අත්අඩංගුවට ගන්නා ලෙස බල කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉදිරිපිට සිදු කරන විරෝධතාවය අද එනම් 2024 ජනවාරි 09 දින උදේ 09 ට සෞඛ්‍ය අමාත්‍යංශය ඉදිරිපිටදී පවත්වන්නට යෙදුනා.

කොළඹ අපරාධ විමර්ෂණ ඒකකය ඉදිරිපිටදි මෙම විරෝධතාවය පවත්වන්නට කටයුතු යොදා තිබුනත් යම් උපාය මාර්ගික ප්‍රවේශයක් වෙනුවෙන් එය වෙනස් යෙදුනා.මෙම අවස්ථාවට දේශපාලන පක්ෂ, සංවිධාන සහ ක්‍රියාකාරින් රැසක් සහභාගී වූ අතර පරපුරක බලයද එහි පාර්ෂවයක් ලෙස ක්‍රියා කළා.

සහභාගී වූ සංවිධාන

1. මගෙන් රටට සංවිධානය

2. වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තිය සමිති සන්ධානය ( MCPA)

3. Citizens’ Collective

4. පරපුරක බලය

5. නිදහස සුරකින්නෝ සංවිධානය

6. ආර්ථික යුක්තිය උදෙසා ජනතා සාමූහිකය

7. GGY – Good Governance Yaya

8. Liberty Circle Vigil

9. අරගලයේ පරපුර

10.Rebuild Sri Lanka

11.Citizen X Core

12.අල්ලස දූෂණය නාස්තියට එරෙහි පුරවැසි බලය

මේ එම විරෝධතාවයේ අවස්ථා කීපයක්.