ස්ථාවරයන්

01 පරිසරය
පරිසරය රැකීමට ප්‍රමුඛත්වය දෙමින්, පරිසරයේ සමතුලිතතාවය සහ පැවැත්ම ආරක්ෂා කර ගනිමින් පරිසරය සහ සංවර්ධනය අතර ගැටීම අවම කර ගැනීම උදෙසා උපාය මාර්ග සැකසීම සහ මැදිහත්වීම කළ යුතු වන්නේය.

02 අනන්‍යතාවය සහ උරුමය
ශ්‍රී ලංකාව සිංහල බෞද්ධ අනන්‍යතාවය සහිත රටක් ලෙස පිළිගනිමින් දේශිය, ජාතික උරුමය සුරකීමට කටයුතු කළ යුතු වන්නේය. ලෝකයේ කොහේ හෝ නොමැති ශ්‍රී ලංකාවට අනන්‍ය උරුමයන් සියල්ල ජාතික උරුමයන්ගෙන් බැහැර කළ නොහැකි වන්නේය.

03 අයිතිවාසිකම්
ජීවත්වීමේ අයිතිය ඇතුලු සියලු මානව හිමිකම් වෙනුවෙන් සහ සත්ව අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටිය යුතු වන්නේය.
ශ්‍රී ලංකාව තුළ සියලුම ජනවර්ග සහ කුල ගෝත්‍රවලට ඔවුන්ගේ ඇදහිලි සංස්කෘතිය පවත්වාගෙන යාමේ සම අයිතිය වෙනුවෙන් සහ ඒ ඒ ලිංගිකයන්ගේ අනන්‍යතා වෙනුවෙනුත් ලිංගිකත්වය මත බෙදා වෙන් නොකිරීම සහ සමානව සැළකීම වෙනුවෙන් පෙනී සිටීය යුතු වන්නේය.
සංස්කෘතියෙන්, ආගමෙන් මිදී ස්වාධීනව ජීවත් වීමේ අයිතියද අප පිළිගත යුතු වන අතර එසේ සිටින්නන් වෙනුවෙන් ඔවුන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටිය යුතු වන්නේය.

04 දේශපාලන ක්‍රමය
කිසිඳු රාමුගත දේශපාලන ක්‍රමයකට කොටු නොවී භූමියේ යතාර්ථය මත ගොඩනගන ප්‍රායෝගිකවාදී දේශපාලන ක්‍රමයක් පවත්වාගෙන යා යුතු වන්නේය. එය දේශිය නැඹුරුවක් සහ ප්‍රමුඛතාවයක් සහිත ගෝලීය සමාජ ආර්ථික තත්වයන් සමඟ යා හැකි සහ ජයගත හැකි ක්‍රමවේදයක් ලෙස ආරම්භ කර පවත්වාගෙන යා යුතු වන්නේය.

05 නීතිය
පවතින නීතියට අනුගතව කටයුතු කළ යුතු වන්නේය. යෝජනා කෙරෙන ප්‍රතිසංස්කරණ පවතින නීතිය රාමුව තුළින්ම සම්මත කර ගැනීමට කටයුතු කළ යුතු වන්නෙය. පරපුරක බලය විසින් රාජ්‍ය බලය අත්පත් කරගෙන පවතින ව්‍යවස්ථාව නීත්‍යානුකූලව වෙනස් කරන තෙක් පවතින ව්‍යවස්ථාවට පක්ෂපාති විය යුතු වන්නේය.

06 සාමය සහ සහජීවනය
සියලුම ආකාරයේ වාර්ගික, ආගමික ,දේශපාලන අන්තවාදයන් ප්‍රතික්ශේප කළ යුතු වන්නේය. සාමය සහ සහජීවනය වෙනුවෙන් පෙනී සිටිය යුතු වන අතර සියලුම ආකරායේ අන්තවාදය පිටු දැකීම සඳහා ක්‍රියා කළ යුතු වන්නේය.

07 විදේශ ප්‍රතිපත්තිය
ශ්‍රී ලංකාව ස්වාධීන නිදහස් රටක් බවට ප ත්කිරීමටත් එය පවත්වාගෙන යාමටත් ලෝකයේ කිසිඳු බල කඳවුරක් සඳහා නතු නොවී නොබැදි රටක් ලෙස බවට පත්කිරීමටත් එය පවත්වාගෙන යාමටත් කටයුතු කළ යුතු වන්නේය.