රට වෙනස් කරන අලුත් ගමනකට අලුත් දේශපාලන පෙරමුණක් අවශ්‍යයි.

රට වෙනස් කරන අලුත් ගමනකට අලුත් දේශපාලන පෙරමුණක් අවශ්‍යයි.

දූෂණය, නාස්තිය, අකාර්යක්ෂමතාවය මතින් බංකොලොත් කළ මාතෘ භූමිය යළි ගොඩනැගීම සඳහා අලුත් දේශපාලන පෙරමුණක් අවශ්‍ය බව අප අවධාරණය කරන්නෙමු.
මේ වනවිට රටේ තැනින් තැන ගොඩ නැගී තිබෙන කුඩා දේශපාලන පක්ෂ, සංවිධාන සහ කණ්ඩායම් ඒකාබද්ධව මෙම අලුත් සංධානය ගොඩනැනීම මේ මොහොතේ එකම ප්‍රතිකර්මයයි. මෙතෙක් ප්‍රධාන පක්ෂ සමඟ සංධානගත නොවූ විශේෂයෙන්ම ඔවුන් සමඟ මැතිවරණවලට සහභාගී නොවූ මෙම මජර දේශපාලනයේ කොටසක් නොවුන පිරිසකගෙන් මෙම අලුත් පෙරමුණ සමන්විත විය යුතු යැයි අප විශ්වාස කරන්නෙමු.

එක්ව ගොඩයමුද ? වෙන්ව වැනසෙමුද ? යන්න අප ඉදිරියේ තිබේ. බෙදී වෙන් විම යනු වක්‍රාකාරයෙන් සතුරාට උදව් දීමකි. ඒ නිසා මෙම මජර දේශදෝහී කඳවුර පරාජය කරනු පිණිස එකට එක් වී සටන් කිරීම නියතයකි. ඒ සඳහා තමන්ගේ පක්ෂය හා ලකුණ යටතේ එකතු වන්නට කිසිවෙකු යෝජනා කරයි නම් එයද බොරදියේ මාළු බෑමකි. අවශ්‍ය වන්නේ සමානව වාඩි විය හැකි වට මේසයකි. සියලු අනන්‍යතාවලට ගරු කරමින් ඒවා පිළිගනිමින් කෙරෙන ඒකරාශී වීමකි.

මෙවැනි යාන්ත්‍රණයක් යටතේ ජාලගත වෙමින් ඒකාබද්ධ සටන් පෙරමුණක් මාතෘ භූමියට ජය ගෙණෙන පෙරමුණක් වනු ඇත. මේ මොහොතේ පරපුරක බලය යෝජනා කරන්නේ එවැනි පෙරමුණක්ය.

මාතෘ භූමියට ජය වේවා !
චාමර නාකන්දල
මහ ලේකම්
පරපුරක බලය