මර්දනයට එරෙහිව සටන් කරමු!

පරපුරක බලය මධ්‍යම කාරක සභික, සීතාවක ප්‍රාදේශීය සභා මන්ත්‍රී ප්‍රදීප් පනාගොඩ මහතාගේ මෙහෙයවීමෙන් පරපුරක බලය මහ ලේකම් චාමර නාකන්දල මහතාගේ සහභාගීත්වයෙන් විරෝධතාවක් අද එනම් 2021 ජුලි මස 12 දින සීතාවක ප්‍රාදේශීය සභාව ඉදිරිපිටදී පවත්වනු ලැබීය.

මේ විරෝධතාව පවත්වනු ලැබූයේ ආණ්ඩුව විසින් සමාජ ක්‍රියාකාරින් සහ මාධ්‍ය මර්දනය කිරීම ආරම්භ කිරිමට එරෙහිවය.

ආණ්ඩුව ගෙනයන මර්දනයට විරුද්ධව ප්‍රාදේශීය සභා රැස්වීම අතරතුරදී කතාවක් පැවැත්වූ මන්ත්‍රී ප්‍රදීප් පනාගොඩ ඉන් පිටතට පිවිසීය.
ඒ වනවිටත් පිටත රැදි සිටි පරපුරක බලය අවිස්සාවේල්ල ආසන සම්බන්ධීකාරක අසංක ප්‍රියදර්ශන බණ්ඩාර සහ බියගම ආසන සම්බන්ධීකාරක ලක්ෂාන් ජයවර්ධන ඇතුලු තවත් පිරිසක් ඔහු සමඟ එක් විය.

සුළු මොහොතකින් පරපුරක බලය මහ ලේකම් චාමර නාකන්දල, මධ්‍යම කාරක සභික දිලිනි දිසානායක ඇතුලු පිරිසක්ද මෙම විරෝධතාවයට සහය දක්වමින් එක්වින. නිරෝධායන නීති නිසි පරිදි පිළිපදිමින් පැවැත්වූ එම විරෝදතාව මාධ්‍ය වෙත ප්‍රකාශ ලබාදීමෙන් පසු නිමාවට පත්විය.