මෙරටට ඒමට ඉල්ලුම් කළ විදේශ රැකියා නියුක්තිකයන්ගේ තොරතුරු දෙන්නැයි පරපුරක බලය ඉල්ලයි.

මෙරටට ඒමට නොහැකිව විදේශ රටවල සිරවී සිටින විදේශ රැකියා නියුක්තිකයන්ට සහන වැඩපිළිවෙළක් සැකසීම සඳහා මැදිහත්වීමට පරපුරක බලය තීරණය කර ඇත. ඒ සඳහා තොරතුරු ලබාගැනීමට පරපුරක බලය මධ්‍යම කාරක සභික ප්‍රදීප් පනාගොඩ සහ පරපුරක බලය තරුණ පෙරමුණේ ලක්ෂාන් ජයවර්ධන අද ( 2020.01.11) විදේශ රැකියා නියුක්ති කාර්යාංශයට ගිය අතර, තොරතුරු දැන ගැනීමේ පනත යටතේ තොරතුරු ගණනාවක් ඉල්ලනු ලැබීය.


තොරතුරු දෙන්නේ සාමාන්‍යාධිකාරීවරයාගේ අභිමතය අනුවයි


තොරතුරු ලබාදීම සිදුවන්නේ එහි සාමාන්‍යාධිකාරීවරයාගේ අභිමතය අනුව බව එහිදී විදේශ රැකියා නියුක්ති කාර්යාංශයේ නිලධාරීහු පරපුරක බලය නියෝජිතයන්ට දන්වා සිටියහ. තොරතුරු අයදුම්පත් භාරගත් බවට සහතික කිරීමටද ඔවුන් කැමති නොවූ අතර, අප නියෝජිතයන්ගේ දැඩි ඉල්ලීම මත එක් පිටපතක් සහතික කර දෙන්නට කටයුතු කළහ.


බරපතළ සැකයක් ?
විදේශ රැකියා නියුක්තී කාර්යාංශය සතුව අප විසින් ඉල්ලා සිටිනු ලබන නිශ්චිත තොරතුරු තිබේදැයි බරපතළ සැකයක් ඇති වූ බවට එහි කටයුතු නිරීක්ෂණය කළ අපගේ නියෝජිතයෝ පැවසති.


අප විසින් ඉල්ලා සිටින ලද තොරතුරු පහත දැක්වේ.


01 2021.01.09 වනවිට විදේශ රැකියා සඳහා සේවයට ගිය අයවලුන්ගෙන් ලංකාවට ඒම සඳහා ඉල්ලා සිටින සංඛ්‍යාව සමස්ත පිරිස කොපමණද? එක් එක් රටවලට අදාළව වෙන් වෙන් වශයෙන් එම සංඛ්‍යාව කොපමණද?
02 එම පිරිස ගෙන්වීමේ කාලසටහනක් තිබේද? ඉදිරියට එම පිරිස ගෙන්වන කාලසටහන ලබා දෙන්න.
03 විදේශ රැකියා නියුක්තිකයන්ගෙන් මේ රටට ඒමට ඉල්ලූ පිරිස කොපමණ කාලයකින් ගෙන්වා නිම කළ හැකිද?
04 2020 මාර්තු මස 17 වැනිදායින් පසු කෝවිඩ්-19 වසංගත තත්ත්වය මත මෙරට ගුවන්තොටුපොළවල් වැසීමෙන් පසු විදේශ සේවා නියුක්තිකයන්ගෙන් කොපමණ පිරිසක් මෙරටට ගෙන්වා ඇත්ද ?
05 කෝවිඩ්-19 වසංගත තත්ත්වය හේතුවෙන් රැකියා අහිමිව මෙරටට ඒමට බලාපොරොත්තුවෙන් කොපමණවිදේශ රැකියා නියුක්තිකයන් පිරිසක් සිටීද? එම පිරිසට සැලසූ සහන මොනවාද ?
06 විදේශ රැකියා නියුක්තියකයන් අතරින් රැකියා අහිමි වූ , කිසිදු මුදලක් වියදම් කිරීමට නොහැකි, එහෙත් මෙටටට ඒමට බලාපොරොත්තුවෙන් කොපමණ පිරිසක් සිටීද? ඔවුන් ගෙන්වා ගැනීමට යොදා ඇති වැඩපිළිවෙළ කුමක්ද?

මේ සම්බන්ධයෙන් පරපුරක බලය අපි අඛණ්ඩව අවධානයෙන් සිටිමු. මේ ඔබද මෙම සිද්ධිය සම්බන්ධයෙන් ඔබේ අවධානය යොමු කළ යුතු මොහොතයි.