අල්ලස් කොමිසමත් ෆේල්.අල්ලස් ගැනීම් අතටම අල්ලලා දුන්නත් වැඩක් නැහැ.

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමෙහි අකාර්යක්ෂමතාවය පිළිබඳව පරපුරක බලය විරෝධය දක්වයි.2018 වසරේදී විදුහල්පතිවරයෙක් විසින් ලබා ගත් අල්ලසක් පිළිබඳව ප්‍රදීප් පනාගොඩ මහතා කළ පැමිණිල්ලක් ඉදිරියට ගෙන යා නොහැකි බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් දැන්වීමෙන් පසු මේ සඳහා මැදිහත්වීමට පරපුරක බලය තීරණය කරන ලදී. එම විදුහල්පතිවරයා මුදල් ලබාදෙන ලෙස දැන්වූ කෙටි පණිවිඩයත්, එම මුදල විදුහල්පතිවරයාගේ පුද්ගලික ගිණුමට දැමූ කුවිතාන්සියත්, එම මුදල ලබා ගැනීමෙන් පසු පාසලට අලුතෙන් බදවාගත් දරුවාගේ නම, පාසලේ දැන්වීම් පුවරුවේ දැමූ ඡායාරූපත් සමඟ සිද්ධියට අදලා බොහෝ සාක්ෂි අල්ලස් කොමිසමට කළ පැමිණිල්ලත් සමඟ ඉදිරිපත් කර තිබුණි. එසේ තිබියදී පැමිණිල්ල ඉදිරියට ගෙනයාමට සාක්ෂි නැති බව කොමිසම පවසයි.මෙවැනි තත්වයක් ඇති වුවහොත් මේ රට අල්ලස් පාරාදීසයක් විය හැකි බවට පරපුරක බලය මහ ලේකම් චාමර නාකන්දල මහතා පවසයි. මේ සිදුවීම් මාලාව හෙළිකර ගත් ප්‍රදීප් පනාගොඩ මහතා පවසන්නේ මෙය එක් හුදකලා සිද්ධියක් නොවන බවයි. ඒ නිසා මෙහි නිෂ්චිත අවසානයක් කරා ගෙන යන තුරුම සටන් කළ යුතු බවයි.තොරතුරු දැන ගැනීමේ පනත යටතේ තොරතුරු ගණනාවක්ද පරපුරක බලය විසින් අල්ලස් කොමිසමෙන් ඉල්ලා සිටි අතර එම තොරතුරු ලැබීමත් සමඟ තවත් කරුණු ගණනාවක් හෙළිකර ගැනීමට හැකි වනු ඇති බවට පරපුරක බලය ලේකම් චාමර නාකන්දල වැඩිදුරටත් පැවසීය.මෙම විරෝධතාවය සඳහා පරපුරක බලය ලේකම් චාමර නාකන්දල, මධ්‍යම කාරක සභිකයන් වන දිලිනි දිසානායක සහ ප්‍රදීප් පනාගොඩ, බියගම ආසන සම්බන්ධීකාරක ලක්ෂාන් ජයවර්ධන, කොලොන්නාව ආසන සම්බන්ධීකාරක ලක්මාල් ධර්මරත්න, අවිස්සාවේල්ල ආසන සම්බන්ධීකාරක අසංක ප්‍රියදර්ශන බණ්ඩාර යන මහත්ම මහහත්මීන්ද, ජනතා අයිතීන් සුරකීමේ ක්‍රියාකාරිකයින් පිරිසක්ද සහභාගී විය.