පොලිස් කොමිසමට පැමිණිල්ලක්. ඉදිරියට දැඩි ක්‍රියාමාර්ග

කොවීඩ් 19 වසංගත තත්වයට මුවා වී රාජපක්ෂ ආණ්ඩුවට එරෙහි ජනතා විරෝධය යටපත් කිරීමටත්, ඒ හරහා ආණ්ඩුවේ අසමත්කම වසා ගැනීමටත් රජපක්ෂ ආණ්ඩුව කටයුතු කරමින් පවතී.

රටට විනාශකාරී අණ පනත් ගෙන එමින් ජනතාව පීඩාවට ලක් කරමින් ආණ්ඩුව ගෙනයන අශිෂ්ඨ පාලනයට එරෙහි ජනතා විරෝධ ගණනාවක් ආණ්ඩුව නීති විරෝධී ලෙස මර්ධනය කිරීමද පසුගියදා සිදුකෙරිණ. කාන්තාවකට, වයසක මව්වරුන්ට ඉතා අමානුෂික සහ මිලේඡ ලෙස ප්‍රහාර එල්ල කිරීම්ද එහිදී සිදුකෙරිණ.

මේ පිළිබඳව පැමිණිල්ලක් පොලිස් කොමිසමට බාරදීමට පරපුරක බලය ඇතුලු සංවිධාන 11ක් විසින් ඊයේ එනම් 2021 ජුලි 09 වන දින පොලිස් කොමිසම වෙත යන ලදි. පොලිස් කොමිසම විසින් පැමිණිල්ල භාර නොගැනීමට උත්සහ කළද මහත් පරිශ්‍රමයක් යොදා එය භාරදීමට එම සංවිධානවල නියෝජිතයන් කටයුතු කළෝය.

ඉදිරියටත් මර්ධනයට එරෙහිව කටයුතු කිරීමට එම සංවිධාන කටයුතු කරන අතර තවත් සංවිධාන එකතු කර ගනිමින් පුළුල් සංධානයක් ගොඩනැගීමටද කටයුතු සූදානම් කර ඇත. මේ පිළිබඳව උනන්දුවක් දක්වන සියලු සංවිධානවලටද අප හා එකතුවන්නට එන ලෙස පරපුරක බලය මධ්‍යම කාරක සභික, භාහිර සංවිධාන සම්බන්ධිකරණ ලේකම් ප්‍රදීප් පනාගොඩ මහතා ඉල්ලා සිටී.