විස සහිත ආහාරවලින් ජනතාව රැකගැනීම උදෙසා.

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ ක්‍රියාකාරීත්වයට විරෝධය දක්වමින් පරපුරක බලය පැවැත්වූ විරෝධතාව හිරු ටීවී ප්‍රවෘත්ති විකාශය වාර්තා කළ අයුරු
මෙම අවස්ථාවට පරපුරක බලය මහ ලේකම් චාමර නාකන්දල, මධ්‍යම කාරක සභිකයින් වන දිලිනි දිසානායක සහ ප්‍රදිප් පනාගොඩ, වෘත්තිකයින්ගේ පෙරමුණේ කැදවුම්කරු මුදිත එදිරිවීර , තරුණ පෙරමුණේ කැදවුම්කරු සමිත් බෝධිපක්ෂ, ගම්පහ වත්තල ආසනයේ සම්බන්ධිකාරක ලක්ෂාන් ජයවර්ධන ඇතුලු පරපුරක බලය නියෝජියන් පිරිසක් සහ ජනතා අයිතීන් සුරකීමේ එකමුතුවේ නියෝජිතයන් පිරිසක්ද සහභාගී විය.

තොරතුරු දැනගැනීමේ පනත යටතේ පරපුරක බලය විසින් පහත සඳහන් තොරතුරු ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයෙන් ඉල්ලා සිටින ලදී.

01 2019, 2020 සම්පූර්ණ වසරවල සහ 2021 පළමු මාස තුන ඇතුළත ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය විසින් හඳුනාගත් නියමිත ප්‍රමිතියේ නොමැති ආහාර පාන, අලේපන, සේදුම්කාරක සහ ඒවා නිශ්පාදනය කළ ආයතන මොනවාද?

02 ඉහත 1 ප්‍රශ්නයට අදාල සමාගම්වලට අදාල නිශ්පාදන, නියමිත ප්‍රමිතියේ මට්ටමට ගෙන ඒමට යම්කිසි සහන කාලයක ලබා දුන්නේද ? එම සහන කාලය කොපමණද ? එම සහන කාලය ලබා දුන්නේ කුමන නිර්නායක යටතේද ?

03 ඉහත 1 ප්‍රශ්නයට අදාල සමාගම්වලට අදාල නිශ්පාදන නියමිත ප්‍රමිතියේ මට්ටමට ගෙන ඒමට ලබාදුන් සහන කාලය තුල ඔවුන්ගේ නිෂ්පාදන විකිනීම සිදුකලාද? , නැද්ද ? යන්න සොයා බැලුවාද? නැත්නම් අදාල නිෂ්පාදන විකිණීමට අවසරයක් ලබා දුන්නාද ?

04 යම් කිසි නිෂ්පාදනයක ප්‍රමිතිය මැන බැලීම සඳහා ලබාදෙන සාම්පල තුළින් අදාල නිෂ්පාදනය නිසි ලෙස නොමැති බව තහවුරු උවහොත් අදාල සාම්පලවලට අයිති කාණ්ඩය වෙළදපලට නිකුත් කිරීම වැලැක්වීම සඳහා ශ්‍රී ලංකා ප්‍රමිති ආයතය ක්‍රියා කරනවාද?

05 යම් කිසි නිෂ්පාදනයක ප්‍රමිතිය මැන බැලීම සඳහා ලබාදෙන සාම්පල තුළින් අදාල නිෂ්පාදනය මිනිස් සිරුරට යෝග්‍ය නැති බව තහවුරු වුවහොත් හෝ එහි පිළිකා කාරක හෝ වෙනත් විෂ ද්‍රව්‍යක් අඩංගු වූ බව තහවුරු උවහොත් ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය ගන්නා ක්‍රියාවලිය කුමක්ද ?

06 2019, 2020 සම්පූර්ණ වසරවල සහ 2021 පළමු මාස තුන ඇතුලත ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය විසින් මිනිස් සිරුරට අහිතකර පිලිකා කාරක හෝ විෂ සහිත නිශ්පාදන හදුනා ගැණුනේද ? හදුනා ගත්තේ නම් ඒවා වෙළඳපලට යැවීම වැලැක්වීමට ගත් පියවර මොනවාද ?

07 ශ්‍රි ලංකා ප්‍රමිති ආයතයේ අධ්‍යක්ෂ ජෙනරාල් සිද්දිකා සේනාරත්න මාධ්‍ය හමුවේ කරන ලද ප්‍රකාශයකින් “මිනිස් සිරුරට අහිතකර නිෂ්පාදන උවත් ඒවා නිෂ්පාදනය කරන සමාගම් කඩාවැටීම වැලැක්වීම සඳහා කෙටි කාලයක් එම නිෂ්පාදන වෙළඳපලට නිකුත් කිරීමට ඉඩක් ලබාදෙන බව” ගම්‍ය වෙයි. එම ප්‍රකාශයට අදාලව ඇයට එරෙහිව විනය පරීක්ෂණයක් පැවැත්තුවේද? පැවැත්වීමට නියමිතද?

08 ඇගේ එම ප්‍රකාශය ශ්‍රී ලංකා ප්‍රමිති ආයතයේ නිල ප්‍රකාශයක් ලෙස පිළිගන්නවාද ? ඇයගේ එම ප්‍රකාශය සත්‍ය ප්‍රකාශයක් ලෙස පිළිගන්නවාද ?
සහකාර අධ්‍යක්ෂ රුවන් හරිස්චන්ද්‍ර මහතා සහ තොරතුරු නිලධාරී විසින් අදාල ඉල්ලුම්පත ලබාගත් බවට සහතික කර දුන් අතර ඉදිරි දින 14 තුල අදාල තොරතුරු ලබාදෙන ලෙස දන්වා සිටියහ.