මඩ පුවතට එරෙහිව පරපුරක බලයෙන් පුවත්පත් කොමිසමට පැමිණිල්ලක්.

පරපුරක බලය ඉලක්ක කර ගනිමින් මව්බිම පුවත්පත විසින් 2020 නොවැම්බර් 15 වන දින  පළ කරන ලද සම්පූර්ණයෙන්ම සාවාද්‍ය වූත්, පදනම් විරහිතවූත්, ද්වේශසහගත පුවතක් සම්බන්ධයෙන් පුවත්පත් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කරන ලදී. පවතින කොවීඩ් 19 වසංගතය හේතුවෙන් එම පැමිණිල්ල ලියාපදිංචි තැපෑලෙන් යොමුකර එහි පිටපත් තමාට වට්ස් ඇප් මාර්ගයෙන් යොමුකරන ලෙස මේ පිළිබඳව විමසීමේදී පුවත්පත් කොමිසමේ කොමසාරිස් තුමා උපදෙස් දී තිබිණ.. 

ඒ අනුව පැමිණිල්ල ඊයේ ලියාපදිංචි තැපෑලෙන්  යොමුකර අද දින වට්ස්ඇප් මාර්ගයෙන් එහි පිටපත් පුවත්පත් කොමිසමේ කොමසාරිස්තුමාට යැවූ බවපරපුරක බලය මහ ලේකම් චාමර නාකන්දල මහතා තහවුරු කළේය. එතකින් නොනැවති පුවත් පත් කොමිසමේ ඊ මේල් ලිපිනයටද එම පැමිණිල්ල සහ ඊට අදාල පිටපත් යොමු කිරීමටද මහ ලේකම්වරයා කටයුතු කර තිබිණි.

පිළිගත් දේශපාලන පක්ෂයක් ලෙස පිළිගැනීම සඳහා පරපුරක බලය විසින් මැතිවරණ කොමිසම වෙත අයදුම් පත්‍රයක් බාරදුන්නේ 2020 පෙබරවාරී 17 වෙනිදාය. එහිදි සම්මුඛ පරික්ෂණ දෙකක් හරහා පක්ෂ 8ක් තෝරා ගත් අතර එම පක්ෂ අටට පරපුරක බලයද ඇතුළත් විය.එම පක්ෂ 8 සඳහා වැඩිදුරටත් කරුණු විමසීමට සාකච්ඡාවක් කැඳවන ලදී. එම සාකච්ඡාවෙන් පසු පක්ෂ 6ක් ලියාපදිංචි කළ බව මැතිවරණ කොමිසම ප්‍රසිද්ධ කරන ලදි. පරපුරක බලය එම පිළිගත් දේශපාලන පක්ෂ 6ට ඇතුළත් නොවීය. මේ ක්‍රියාවලිය නැවත සලකා බැලීම සඳහා ඉල්ලිම් කරමින් පරපුරක බලය විසින්  ලිපි දෙකක් මැතිවරණ කොමිසමට යොමු කළ අතර එයට ප්‍රතිචාර වශයෙන් මැතිවරණ කොමිසම විසින් නැවත සාකච්ඡාවක් ලබාදෙන ලදී. 

යළි සළකා බැලීම ප්‍රතික්ශේප කරමින් මැතිවරණ කොමිසම ලිපියක් එවන ලද්දේ ඉන් අනතුරුවය.  මේ සම්බන්ධව පරපුරක බලය 2020 නොවැම්බර් 12 වන දින මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක්ද ඉදිරිපත් කිරීමට කටයුතු කර කළේය. ඒ පිළිබඳව පරපුරක බලය නිල වෙබ් අඩවිය වන අප එදිනම එම ක්‍රියාවලිය පිළිබඳව පුවතක් පළ කරන ලද්දේ මෙසේය. මැතිවරණ කොමිසමට එරෙහිව පරපුරක බලය මානව හිමිකම් කොමිසමට ඉදිරියේදී අධිකරණ ක්‍රියාමාර්ගවලටද පිවිසීමට කටයුතු කරමින් සිටී.

එසේ මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් කර තිබියදී 2020.11.15 දින මව්බිම පුවත්පත සිය මුල් පිටුවේ පුවතක් පළ කරමින් පවසා සිටින්නේ පරපුරක බලය හොර පාරෙන් පක්ෂය ලියාපදිංචි කිරීමට යන බවයි. සාවාද්‍ය වූත්, පදනම් විරහිතවූත්, ද්වේශසහගත ලෙස පළකරන ලද ලිපිය මගින් පරපුරක බලයෙහි දේශපාලන ව්‍යාපාරයේ කීර්ති නාමයට බලවත් හානියක් සිදුකර ඇත.

ඉහත කරුණ සම්බන්ධව හිරු ඨ්ව් හි “බලය” වැඩසටහනේදී චමුදිත සමරවික්‍රම විසින් මැතිවරණ කොමිසමේ සභාපතිවරයාගෙන් මේ පිළිබඳව විමසීමක් කළ අතර එහිදි මැකොස සභාපතිවරයා පැවසූයේ එසේ සිදුවී නැති බවත්, එසේ සිදුකළ නොහැකි බවත්ය. මැතිවරණ කොමිසමේ සභාපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කලේ මේ පුවත සම්බන්ධව විමසීමට අදාල මාධ්‍යවේදියා දුරකථයෙන් සම්බන්ධ කරගැනීමට උත්සහ කළ බවයි. දින දෙකක් පුරා එම උත්සහය සාර්ථක නොවූ බවත්ය. මේ පුවත නිසා අප දේශපාලන පක්ෂයට බලවත් අසාධාරණයක් වී ඇති බවටද මැතිවරණ කොමිසමේ සභාපතිවරයා එහිදී ප්‍රකාශ කලේය.

මේ පුවතෙහි පැහැදිලිවම සඳහන් කළ පරිදි මැතිවරණ කොමිසමේ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසන බව පැවසූ අතර සභාපතිවරයාවත් නොදැන මඩ ප්‍රවෘත්ති එසේ පළ වීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා ප්‍රමුඛ මැතිවරණ කොමිසම එයට වග නොවන බව පැහැදිලිවම පෙනෙන්නට තිබේ.