පරපුරක් එකතුකරන සැලසුම් හැදෙයි !

ඔව්… අපි සූදානම්. මේ රට වෙනස් කරන ගමනේ අපි හැමදාමත් හිටියා. වැඩ කළා. සටන් කළා. දැන් අපේ සැළසුම් අලුත්. උපායමාර්ග අලුත්. ඔව්… මේ දේශපාලනයත් එක්ක හැප්පෙන්න නම් අපිට එහෙම වෙන්නම වෙනවා.

මධ්‍යම කාරක සභාව රැස්වුනා. විධායක සභාව නියෝජනය කරමින් සභාපති නිලංග පතිරණ සහ මහ ලේකම් චාමර නාකන්දල සහභාගී උනා. 

ජාතික සංවිධායක තිළිණ අලහකෝන්, ප්‍රතිපත්ති සම්පාදනලේකම් ආචාර්ය පියවි විජේවර්ධන, මාධ්‍ය සහ ප්‍රචාරණ ලේකම් දිලිනී දිසානායක, අධ්‍යාපන ලේකම් ප්‍රදීප් පනාගොඩ සහ පරපුරක බලය තරුණ පෙරමුණ නියෝජනය කරමින් සමිත් බෝධිපක්ෂත් මෙම රැස්වීමට සහභාගී උනා. අනෙකුත් මධ්‍යම කාරක සභිකයන් වීඩියෝ තාක්ෂණය ඔස්සේ සම්බන්ධ කර ගත්තා.

පරපුරක බලය ප්‍රතිසංවිධානය කිරීම පිළිබඳවත්, රටේ ප්‍රශ්න සහ අර්බුදවලට දේශපාලන ව්‍යාපාරයක් ලෙස ලෙස වඩාත් සක්‍රියව මැදිහත් වීමටත් තීරණය කළා. 

සියලු දේශප්‍රේමී පුරවැසියන්ට පරපුරක බලය සමඟ එක්ව ගමන් කිරීමට ආරාධනය කරනවා. ඒ සඳහා යාන්ත්‍රනයක් දැනටමත් සකස් වෙලා ඉවරයි. 2021 වසර රට වෙනස් කරන හැරවුමකට ගෙනයාම සඳහා පරපුරක බලය එසේ සවිමත් කළා. එන්න කතා කරමු. අපි එකතුවෙමු.