5 වෙනි සංවත්සරය

දේශපාලන ව්‍යාපාරයක් ලෙස අද දවසේ අප පසු කරමින් සිටින්නේ අපගේ පස්වෙනි වසරයි. 2015 නොවැම්බර් 1 වෙනි දින ආරම්භ කළ පරපුරක බලය අප මාතෘභූමියට සැබෑ නිඳහස ලබා ගැනීම සඳහාම බිහි කරන ලද දේශපාලන ව්‍යාපාරයකි. 1948 දේශපාලන කඳවුර දේශපාලනිකව පැරදිවීම සහ ඉන් අනතුරුව භූමියේ යතාර්ථය මත පදනම් වූ ජාතික ප්‍රතිපත්තියක් තුළින් අප මාතෘභූමිය බේරාගැනීම සඳහා ඉලක්ක ගත වෙයි.

ඉතිහාසයේ අප මුහුණ දුන් බරපතලම මර්ධනයට මේ මොහොතේ අප මුහුණදෙමින් පවතී. 1948 මජර දේශපාලන කඳවුරේ සුරතලුන් වෙමින් අපගේ දේශපාලන ගමන ඇහිරවීම සඳහා මෙරට මජර රාජ්‍ය නිලධාරීන් පිරිසක් කටයුතු කරමින් සිටී. පවතින දේශපාලන පක්ෂවලින් එපිට නව තරුණ දේශපාලන පෙරමුණක් බිහිවීම වැළැක්වීමත්, මේ රට තව තවත් මේ මජර දේශපාලන කඳවුරේ තක්කඩි දේශපාලකයින්ට සූරාකෑමට ඉඩ සැලසීමත් මොවුන්ගේ අරමුණ බව පෙනෙන්නට ඇත. මොවුන්ගෙන් එල්ලවෙන අශිෂ්ඨ ප්‍රහාරයන් හමුවේ අප අපගේ ශිෂ්ඨ බව රැකගෙන කටයුතු කරන්නෙමු.

වසර 5ක් පුරාවට අප සමඟ එක් වූ සියලු සාමාජික සාමාජිකාවන්, සාමාජිකත්වය නොගෙන අප සමඟ වැඩ කළ සියලු පුරවැසියන්, අප සමග විටින් විට එක්වෙමින් සටන් කළ සියලු පුරවැසි සංවිධාන, ජන මාධ්‍ය සහ සමාජ මාධ්‍ය හිතවතුන් අප සමඟ ඉදිරියට යන විදේශගත ශ්‍රී ලාංකික හිතවතුන් සියල්ල අපි ගෞරවයෙන් සිහිපත් කරන්නෙමු.

ගඟ ගලන්නට පටන් ගෙන තිබේ. කුමන බාධක ආවත් ඉය ඉදිරියටම ගලනු ඇත. අප හා එක්වන ලෙස අප සියලු පුරවැසියන්ගෙන් ඉල්ලා සිටිමු. අපව නවත්වන්නට කටයුතු කරන 1948 මජර දේශපාලන කඳවුරේ සුරතලුනට අප කියා සිටින්නේ වසන දොරටු පෙරලාගෙන යාමට අපි සූදානම් බවය. නමට පමණක් දේශප්‍රිය වූ ද්‍රෝහීන් නිසැකව පරාජය කර දේශප්‍රේමින් ජයගනු ලබන්නේ අප මාතෘභූමියට ජයග්‍රහණය ලබාදෙමිනි.මාතෘභූමියට ජයවේවා !පරපුරක බලය වෙනුවෙන්මහ ලේකම් – චාමර නාකන්දල