ගෑස් බෝම්බවලට ගොදුරුවන අනාරක්ෂිත පුරවැසියන් වෙනුවෙන්

ගෘහස්ථ ගෑස් ටැංකිවල පීඩනය නිසා ගෑස් ලිප් පුපුරායාම් සිය ගණනක් දිවයිනේ සෑම ප්‍රදේශයකින්ම වාර්ථා උනත් ආණ්ඩුවේ ඒ සඳහා වන මැදිහත්වීම සිදුවන්නේ බොහෝ මන්දගාමීවය. ඒ අතර තව තවත් අනතුරු දිනපතා වාර්ථා වේ. ඒ පුද්ගල මරණද සමඟිනි. මේ තත්වය වෙනස් කරවා ගැනීම සඳහා පාරිභෝගික කටයුතු අමාත්‍යංශය ඉදිරිපිට අද (2021.12.16)වන දින උද්ගෝෂණයක් පැවැත්විණ.
මේ සඳහා පරපුරක බලය අතුළු සිවිල් සංවිධාන රාශියක් සම්බන්ධ විය. පරපුරක බලය වෙනුවෙන් මහ ලේකම් චාමර නාකන්දල සහභාගී විය.