ආර්ථිකය විනාශ කළ දේශපාලකයන්ට දඬුවම් දීමට එකතුවෙමු!

ඓතිහාසික තීන්දුවක්

ගෝඨාභය රාජපක්ෂ, මහින්ද රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ ද ඇතුළුව ඔවුන් විසින් පත්කළ ඉහළම රාජ්‍ය නිලධාරින් 4 ක් විසින් ගත් තීන්දු තීරණ මෙරට ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩකිරීමට හේතු වූ බවට දැන් අධිකරණය තීරණය කර අවසන්ය.

සාධාරණ අරගලයක්

රටේ සමස්ථ ජනතාවගේ ජන ජීවිතය විනාශ කළ එම තීරණවලට එරෙහිව ජනතාව වීදි බැස්සේ 2022 මාර්තු මස සිටය. මුලින්ම මහින්ද රාජපක්ෂට තම අගමැති ධූරය දමා පලායාමට, දෙවෙනුව බැසිල් රාජපක්ෂට තම ධූරය දමා පලා යාමටත් අවසන ගෝඨාභය රාජපක්ෂට තම ධූරය දමා පලා යාමටත් සිදු වූයේ මෙම මහජන නැගිටිම නිසාය. අධිකරණ තීන්දුවට පෙර ජනතාධිකරණය මෙම තක්කඩි දේශපාලකයන් බලයෙන් ඇද දමා එළවා දැමීය. එම අරගලය අතිශය සාධාරණ හේතු මත ගොඩනැගුන ජනතා නැගිටීමක් බව දැන් තවදුරටත් පැහැදිලි වෙමින් තිබේ.

අරගලකරුවන්ට සාධාරණයක්

දැන් ගරු අධිකරණය විසින් රාජපක්ෂලා ඇතිළු ඔවුන් පත්කළ නිලධාරීන් ජනතාවගේ මුලික අයිතිවාසිකම් කැඩූ බවට තීන්දුවක් දී ඇත. එදා ජනතාව පාරට බැස්සේ එම මූලික අයිතිවාසිකම් අහිමි වීම නිසා ඇති වූ බලපෑමෙන් බව තවදුරටත් පැහැදිලිය. මේ නිසා අරගලයේ නිරතවිම නිසා නඩු පැවරුන අරගලකරුවන්ට මෙම පදනම මත නීතිමය පොදු සහනයක් ලබාදීමට හැකියාවක් ඇත්දැයි සොයා බැලිය යුතුය.

ජනතා ආණ්ඩුවකින් යුක්තිය සහ සාධාරණත්වය

අනාගතයේ කෙදිනක හෝ බිහිවන ජනතා අණ්ඩුවකින් 2022 අරගලයේ අරගලකරුවන් දේශප්‍රේමි ජනතා වීරයෝ ලෙස නම් කොට ඉතිහාසයට සාධාරණයක් ඉටු කළ යුතුය. එපමණක් නොව රටක් විනාශ කළ අමන තීන්දු තීරණ ගත් රාජපක්ෂලා සහ නිලධාරීන්ට නිසි දඬුවම් දීමටත් හැකි ජනතා ආණුඩුවක් පත්කර ගැනීමට අප වගබලා ගත යුතුය.
නොනවැතී සටන් කරමු !

ගරු අධිකරණ තීන්දුවෙන් තවත් ශක්තිමත් වෙමින් ඉදිරියටත් නොනවැති සටන් කිරීමට අප ඔබට යොජනා කරන්නෙමු. අප හැමදාමත් පෙන්වා දුන් පරිදි එම සටන නිෂ්ප්‍රචන්ඩත්වයේ අරගලයක් බවට පත් විය යුතුය. ඒ වෙනුවෙන් අප හැමදාමත් පෙනී සිටින්නෙමු.

මූලික අයිතිවාසිකම් අහිමි වූ ජනතාවගේ අරගලය සාධාරණයි. නඩු පැවරුණ අරගලකරුවන්ට පොදු සහනයක් ලබා ගැනීමට එකතුවෙමු !
පරපුරක බලය