ආණ්ඩුවටත් නැති, විපක්ෂයටත් නැති දේශපාලන තක්කඩියන්ගේ ඇස්බැන්ඳුම් දේශපාලනය නිමා කරමු.

ආණ්ඩුවටත් නැති, විපක්ෂයටත් නැති දේශපාලන තක්කඩියන්ගේ ඇස්බැන්ඳුම් දේශපාලනය නිමා කරමු.

ආණ්ඩුව කාගේද ?

මෙම වික්‍රමසිංහ රාජපක්ෂ හවුල් ආණ්ඩුව පත්වන්නේ 2020 මහමැතිවරණයේදී පොදුජන පෙරමුණට ලබා දුන් ජන වරමෙන් තේරී පත්වූ මන්ත්‍රීවරුන්ගේ ඡන්දයෙනි. ජනාධිපති රනිල් වික්‍රමසිංහ ජනාධිපතිකමට පත්වන්නේත්, අගමැතිකමට පත්වන්නේත්, ආණ්ඩුව ගෙනයන්නේත් පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන්ගේ සහයෝගයෙනි. මෙම ආණ්ඩුව වික්‍රමසිංහ රාජපක්ෂ හවුල් ආණ්ඩුවයි. ඊට අමතරව සමගි ජන බලවේගයේ මන්ත්‍රිවරුන් කීප දෙනෙක්ද මෙම ආණ්ඩුවට එකතු වී සිටිති.

අපට අපේ නොවණ අපේම ආණ්ඩුවක් තිබෙනවා.

නමුත්, දේශපාලන විද්‍යාව ජනතාව අන්දන විජ්ජාවක් බවට පත්කරගෙන තිබෙන නාමල් රාජපක්ෂ ඇතුලු පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් පිරිසක් හැසිරෙන්නේ, කතා කරන්නේ මෙම ආණ්ඩුව ඔවුන්ගේ ආණ්ඩුවක් නොවන සේය. අය වැය සම්බන්ධයෙන්ද ඔවුන් අදහස් දක්වන්නේ විපක්ෂයේ භූමිකාව පෙන්වමින්ය. පොදු ජන පෙරමුණේ මන්ත්‍රීවරුන්ගේ බහුතර සහයෝගයෙන් රැකවරණයෙන් මෙම ආණ්ඩුව පවත්වාගෙන යන බව වසන් කිරීමට නාමල් රාජපක්ෂලා අසාර්ථක උත්සහයක නිරත වෙමින් සිටී.
පුලුවන් නම් අය වැය පරාජය කරන්න.

නාමල් රාජපක්ෂලා ඇතුලු පොදු ජන පෙරමුණේ තක්කඩි දේශපාලුවන්ට අප පවසන්නේ පක්ෂයක් ලෙස මෙම ආණ්ඩුවත් අයවැයත් පිළිබඳව තීරණයක් ගන්නා ලෙසය. එසේ නොවන්නේ නම් මෙම ආණ්ඩුවේත් අය වැයේත් වගකීම භාර ගන්නා ලෙසය.

ජනතාවට පණිවිඩයක්

මේ මොහොතේ පරපුරක බලය අප ජනතාවට පවසන්නේ ඇස් බැන්දුම්වලට නොරවැටී පොදුජන පෙරමුණේ පූර්ණ රැකවරණය, දායකත්වය සහ මැදිහත්වීම මත ඉදිරියට යන වික්‍රමසිංහ රාජපක්ෂ හවුල පිළිබඳව සත්‍ය වටහාගෙන නාමල් රාජපක්ෂලා වැනි තක්කඩි දේශපාලුවන්ගේ තක්කඩිකම් නිමා කිරීමට පෙළ ගැසෙන ලෙසය. සෑම තක්කඩිකමකටම අවසානයක් තිබිය යුතුය.

ක්‍රමය පෙරළමු ! ජනතාවගේ ආණ්ඩුවක් හදමු !
මාතෲභූමියට ජය වේවා !
පරපුරක බලය.